පොඩි දරුවන් හට ඇත්තේ ඉතාමත් සංවේදී හිත්. තාමත් හැමදේම ඉගෙන ගන්න පොඩි වයසේ හිතාගන්න බැරි තරම් දුකක් ආවම අඩල ඉවර කරන්න පවා බැරි උනාම තෙහෙට්ටුවට අම්මා තාත්තා ලගට වෙලා ගුලි වෙලා ඉන්න පොඩි දරුවන් අපි දැකල ඇති. හැබැයි ඒ වගේම පිලිකාව එක්ක සටන් කරන අතරෙ තම ලස්සන කොණ්ඩය ටිකෙන් ටික අහිමි වෙලා යනකොට ඒ ඇයි කියල පවා හිතාගන්න බැරි මේ පොඩි දරුවන්ගෙ මූණෙන් හිනාව පවා අතහැරල යන්නෙ, විටක හදවත් කඩා ගෙන වට්ට මින් ය. එවැනි මොහොතක ඔවුන්ට හයියක් වීමට තැනුණු සොඳුරු දිරියවන්තී වැඩසටහන හරහා විග් එකක් ලබා දී ඔවුන්ව මොහොතකට හෝ සනසා සිනහවක් මුවගට ලබා දෙන්න ලැබීමට පවා හැකි වීම තුළින් අප සියල්ලන්ම ලබන්නේ නොහිතනා තරම් සතුටක් ය. ඉතින් එවැනිම අවස්ථාවක් ඔබ සියල්ලන් හටම බෙදා ගන්න සිතන්නෙ මේ සිනහවට උරුමකම් කියන්නෙ අප විතරක්ම නොව හිසකෙස් දන් දුන් ඔබ සියල්ලන්ම නිසාවෙන් ය. දැනට හිසකෙස් ලබා ගැනීම නවතා තිබෙන්නේද මෙලෙසින් විග් සාදා ලබා දීම සදහාය. නැවතත් ලැබීඇති හිසකෙස් තුළින් විග් සාදා නිම වූ විට අප ඔබ හට නැවතත් අවස්ථාවක් ලබා දීම සිදු කරනු ලබන බැවින් දිගටම අප හා රැදී සිටින්න.
Childhood is a beautiful moment in one's life - the time to sing, dance, think of fairies and unicorns.. When cancer affects these little flowers, and instead of looking out for fairies and unicorns, you have to watch in despair. Your beautiful locks fall off one by one .. For an adult, it's a traumatic moment, and for a little girl, words can not describe the feelings.. In moments like this, sonduru Diriyawanthi comes forward to bring a smile to this little girl , providing a wig that transforms that pretty face. All of this is possible thru the hair that has been donated to us, and you too are part of that pretty smile. We have stopped accepting hair as we continue to manufacture wigs with the hair we have , however we will inform you soon when you are able to donate your hair again and bring smiles to many other faces just like this little girl ..